Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා ඇමෙරිකාව වනසයි – ලක්ෂ 2 ක් මිය යා හැකි බවටත් වෛද්‍ය අනාවැකි  

Add comments

ලොව කොරෝන ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් මේ වන විට ඇමෙරිකාවෙන් සහ යුරෝපයෙන් වාර්තා වනවා.

ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ දෙක දක්වා ඉහළ යාහැකි බවටයි එරට බෝ වන රෝග පිළිබද විශේෂඥයකු අනතුරු අඟවා ඇත්තේ. CNN පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට නිව්යෝර්ක් , නිව්ඔලියන්ස්  සහ සෙසු ප්‍රධාන නගර රැසක පවත්නා වෛද්‍ය පහසුකම්  නුදුරේදීම අවසන් වනු ඇති බවයි.

මේ වන විට ඇමෙරිකාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142735ක්. මරණ සංඛ්‍යාව ද  2489 දක්වා ඉහළ ගොස් තිබෙනවා.තවද ඇමෙරිකාව තුළ මුඛ ආවරණ සහ කෘතීම ශ්වසන අධාරයක හිඟයක් පවතින බවයි  වාර්තා වන්නේ. එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  චෝදනා කරනනේ රෝහල්වල එම උපකරණ තොග ගබඩා කරගෙන ඇති බවයි. වහාම ඒවා නිදහස් කළ යුතු බවට ද ඔහු නියෝග කර තිබෙනවා.

මේ අතර ඉතාලියේ මුළු ආසාදිත සංඛ්‍යාව ලක්ෂයකට අසාන්න වීමත් සමඟ එරට රජය පනවා ඇති නගර වසා දැමීමේ නියෝගය ජුලි 31 වනදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගත්තා.

මේ වන විට චීනයේ ජනජීවිතය ක්‍රමානුකූලව සාමාන්‍ය අතට පත්වෙමින් පවතින අතර නිශ්පාදන ක්‍රියාවලියේ ඉහළ යාමක්ද වාර්තා වනවා. සාප්පු සංකීර්ණ රැසක් ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනවා.

ප්‍රංශයේ ආසාදිතයින් 40174 ක් වාර්තා වෙද්දි මරණ සංඛ්‍යාව 2606 ත් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට ලොව පුරා කලාකරුවන් කිහිප දෙනෙකුද වෛසරය ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් තිබෙනවා. ජපානයේ කෙන් සිම්රා හා මෙක්සිකොවේ ඔපෙරා ගායක ජෝන් ප්‍රයිම් ද මෙම පිරිසට ඇතුළත්. කොරෝනා ආසාදිතයන්ට ආධාර පිණිස අරමුදලක් පිහිටුවීමට ලොව සුප්‍රසිද්ධ ගායකයින් කටයුතු කර තිබෙනවා.

මේ අතර පූසෙකුට වෛරසය ආසාදනය වීමේ පුවතක් බෙල්ජියමෙන් වාර්තා වුණා. මේ අනුව සුරතල් සතුන්ටද වෛරසය ආසාදනය වීමේ හැකියාවක් පවතින බවයි පැවසෙන්නේ.

 

The post කොරෝනා ඇමෙරිකාව වනසයි – ලක්ෂ 2 ක් මිය යා හැකි බවටත් වෛද්‍ය අනාවැකි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG