Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 120 දක්වා ඉහළට  

Add comments

මෙරටින් හමුවූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට 120 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.ඒ තවත් කොරෝනා රෝගීන් 3 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.

රෝහල්ගතව තවදුරටත් රෝගීන් 108 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා. ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් දෙදෙනෙකු ඊයේ දිනයේදී සුවය ලබා පිටව ගිය අතර ඒ අනුව මේ දක්වා සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 11ක්. ඊට චීන ජාතික කාන්තාව ද ඇතුළත්. වෛරසය ආසාදනය වී ඇතැයි සැක පිට වෛද්‍ය අධීක්‍ෂණය යටතේ 199 දෙනෙකු රෝහල්ගතව සිටි අතර ඉන් අසූ දෙදෙනෙකු අද පිටව යාමට නියමිත බවයි පැවසෙන්නේ.

මේ අතර බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ඥාති නිවසක දින කිහිපයක් ගතකර බලපිටිය ප්‍රදේශයට යළි පැමිණ සිටි බැංකු සේවකයෙකු නිරෝධායනයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් පියවර ගත්තා. ඔහු තම සේවා ස්ථානය වූ බලපිටිය ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකට ද පසුගිය 26 වනදා පැමිණ ඇති බව හෙළිවීමෙන් පසු එම පරිශ්‍රය විෂබීජහරණය කිරීමට ද කටයුතු කෙරුණා.

පුත්තලම සහිරා විද්‍යාලයේදී පුද්ගලයන් 30 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් කටයුතු කළා. කොරෝනා ආසාදිතයෙකු හමුවිමෙන් අනතුරුව මෙම පියවර ගත් අතර ඔහු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කිරිමට කටයුතු කෙරුණා. පුත්තලම කඩුමයාකුලම් ප්‍රදේශයේ මාර්ග 3 ක් වසා දමා ඇති අතර පුද්ගලයන්ට එම මාර්ග ඔස්සේ ඇතුලුවීම හා පිටවිම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සිසුන් 700ක පමණ පිරිසෙන් 475 දෙනෙකු නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී තිබෙනවා.එම සිසුන්ගේ දත්ත එක්රැස් කිරීම වෙනුවෙන් එම කාර්යාලය විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බවයි නවදිල්ලි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල නිලධාරීන් පවසන්නේ.

මේ අතර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාල පරිශ්‍රය ද විෂබීජහරණයට ලක් කිරීමට කටයුතු කෙරුණා. පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පූර්ණ දායකත්වය මතයි එම කටයුතු සිදුවුණේ.

The post මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 120 දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG