Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව පුරා කොරෝනා මරණ ගණන 37500 ඉක්මවයි  

Add comments

චීනයෙන් ආරම්භ වූ කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලෝකයේ රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 200 ක් පුරා පැතිර ගොස් තිබෙනවා.

රෝගීන් සංඛ්‍යාව 785,807ක්. පුද්ගලයන් 37,820ක් ජීවිතක්‍ෂයට පත්වුණා. වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පිරිස එක්ලක්‍ෂ හැටපන්දහස් හයසිය පනස් නවයක් වනවා.

දැනටමත් ලොව වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ඇමෙරිකාවෙන්. කොරෝනා වෛරසය උපරිම තත්ත්වයට පත් වුව ද ඇමෙරිකාව සතුව කෘත්‍රිම ශ්වසන උපකරණ පවතින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ස් පවසනවා. ඇමෙරිකාවේ තර්ජනාත්මක කාලය ඇත්තේ ඉදිරි දින 30 දී බවයි එරට සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.

කොරෝනාවලින් 2 වන වැඩිම රෝගීන් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්. ඉදිරි සතියේදී ඉතාලියේ කොරෝනා ව්‍යාප්තිය උපරිම අවස්ථාවට පැමිණිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. එමෙන්ම එරට නගර වසා දැමීම අප්‍රේල් 12 වනදා දක්වා දීර්ඝ කෙරුණා.

සති 3 ක කාලයක සිට ස්පාඤ්ඤය සම්පූර්ණයෙන්ම වසා දමා ඇත්තේ කොරෝනා වෛරසය හේතුවෙන් උද්ගතව ඇති අවදානම් තත්ත්වය හේතුවෙනුයි. එරට නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ බිරිඳකට ද වෛරසය ආසාදනය වී තිබෙනවා.

කොරෝනා රෝගීන් වාර්තා වූ රටවල් අතුරින් 4 වන ස්ථානයට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වුණේ චීනයෙන්. මේ වන විට චීනයේ තත්ත්වය තරමකට පාලනය වුව ද විදේශයන්ගෙන් චීනයට පැමිණ සිටින පිරිස හේතුවෙන් වෛරසය පැතිර යාම යළි වේගවත් වී තිබෙනවා.

කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා බ්‍රිතාන්‍යයේ නගරවලට පනවා ඇති තහනම තවත් මාස 6 ක් පමණ ක්‍රියාත්මක වනු ඇති බවට එරටින් ලැබෙන නවතම වාර්තා පෙන්වා දෙනවා. වෛරසය ආසාදනය වුවන්ට කෘත්‍රිම ශ්වසනය ලබා දීම සඳහා අවශ්‍ය උපකරණ පහළොස් දහසක් බ්‍රිතාන්‍යය දැනටමත් ඇණවුම් කර තිබෙනවා. ජනතාව නිවෙස්වලම සිටිමින් රජය ලබා දෙන උපදෙස් පිළිපැදීමට ක්‍රියා කළහොත් තම රටේ සෞඛ්‍ය අංශයේ කඩා වැටීම වැළැක්විය නොහැකි බවයි බ්‍රිතාන්‍ය අවධාරණය කරන්නේ.

වෛරසය ආසාදනය වූවන් සාර්ථකව පාලනය කරමින් පවතින රටක් ලෙස දකුණු කොරියාව බොහෝ අංශවල පැසසුමට ලක්ව තිබෙනවා. වෛරසය ආසාදනය වී තිබේ ද නැද්ද යන්න තහවුරු කර ගැනීම සඳහා ඔවුන් සිදු කරන පරික්‍ෂණ ඉතා සාර්ථක බවයි සඳහන් වන්නේ. රජය උපදෙස් දීමටත් පෙරම සියලු දකුණු කොරියා ජාතිකයන් සමාජ දුරස්ථභාවය රඳවා ගත්තා. කඩ සාප්පු වසා දමමින් ජනතාව එක්රැස්වීම පාලනය කර ගැනීමට ඔවුන්ට හැකි වීම ද මෙම සාර්ථකත්වයේ එක් රහසක්.

පුද්ගලයන් දෙදෙනෙකු අතර දුරස්ථභාවය රඳවා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ පිළිබඳ ඕස්ට්‍රේලියා බලධාරීන් මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා නිවෙස්වලින් පිටවන පුද්ගලයන්ට දඩ නියම කිරීමට නිති සම්පාදනය කෙරෙමින් පවතින බවයි ඕස්ට්‍රේලියා බලධාරීන් පවසන්නේ. අත්‍යවශ්‍ය ආහාර හා ඕෂධ නිවෙස් වෙතම ලබා දීම සඳහා වැඩපිළිවෙළක් ඕස්ට්‍රේලියාව දැන් ක්‍රියාත්මක කර තිබෙනවා.

වෛරසයෙන් ඉන්දියාවේ වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ මුම්බායි නගරයටයි. එරට වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ ආයතන සියල්ල කොරෝනා ආසාදනය වූවන්ට ප්‍රතිකාර කරන රෝහල් බවට පරිවර්තනය කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

The post ලොව පුරා කොරෝනා මරණ ගණන 37500 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG