Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව අද පිටත්වෙයි  

Add comments

‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව අද පස්වරුවේ හම්බන්තොට වරායෙන් පිටත්ව යන බව හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා මහතා පවසනවා.

හම්බන්තොට වරායෙන් පිටත්වන නෞකාවේ ගමනාන්තය තවමත් නිශ්චිත වශයෙන් ප්‍රකාශ වී නැති බවයි වාර්තා වන්නේ. අද දින වරායේ නිෂ්කාශන කටයුතු අවසන්වීමෙන් පසු ඔවුන් යළි ගමන් ආරම්භ කරනු ඇති. ‘යුවාන් වැන්ග් 5’ චීන අධි තාක්ෂණික හා පර්යේෂණ නෞකාව චීනයේ සිට මෙරටට සේන්දූ වූයේ පසුගිය 16 වනදායි. ඉකුත් 11 වෙනිදා මෙරටට සේන්දු වීමට නියමිතව තිබුණු නෞකාව දිවයිනට පැමිණීමට ප්‍රමාද කිරීමට සිදුවුණා. ඒ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් පැනනැගුණු ගැටලු කිහිපයක් හේතුවෙන්.  මෙම නෞකාව දිගින් මීටර් 222ක් වූ අතර පළල මීටර් 22.5ක්. කාර්ය මණ්ඩලය ඇතුළු 400කට අධික පිරිසක් නෞකාවේ රැදී සිටියා. මෙම නෞකාව මගින් කිලෝමීටර් 750ක පමණ වපසරියක් ආවරණය වෙන පරිදි නිරීක්ෂණ කටයුතු සිදු කිරීමේ හැකියාවක් පවතිනවා.  හම්බන්තොට වරායේ නැංගුරම්ලා තිබූ මෙම නෞකාවට අවශ්‍ය ඉන්ධන,  ආහාර හා සෙසු අවශ්‍යතා ශ්‍රී ලංකාවෙන් සපයාගනු ලැබුවා. මෙම නෞකාව මගින් නැගෙනහිර ඉන්දීය සාගරයේ අභ්‍යවකාශ නිරීක්ෂණ කටයුතු සිදුකෙරෙනවා. එමගින් කිසිදු රටකට තර්ජනයක් නොමැති බවයි චීනය සදහන් කළේ.

 

 

 

The post ‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව අද පිටත්වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG