Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කටුනායක ගුවන් තොටුපළ වෙත පිවිසෙන ” රන් මාවත ” විවෘත කෙරේ  

Add comments

කටුනායක ගුවන් තොටුපළ වෙත පිවිසෙන ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන් සදහා ” රන් මාවත ” ( Gold Route)
නමින් නව සේවා පර්යන්තයක් , වරාය , නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින්  අද දින පස්වරු 01.30 ට විවෘත කෙරුණා.

ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන්ට ගුවන් තොටුපළ රාජකාරී සිදු කර ගැනීම සදහා පෝලිම් වල නොසිට , මෙම විවේකාගාරය වෙත පිවිස ආගමන විගමන , රේගු කටයුතු මෙන්ම ආහාරපාන සහ සන්නිවේදන අවශ්‍යතා ද ඉතා කඩිනමින් මෙහිදී ඉටු කර ගත හැකියි.

මෙයට සමාන ප්‍රභූ පර්යන්තයක් කටුනායක ගුවන් තොටුපළ තුළ ඇති අතර , මෙම සේවාවන් නොමිලේ රාජ්‍ය නිලධාරීන්ට සහ දේශපාලනඥයන් වෙත හිමි වී  තිබෙනවා.

මීට අමතරව කටුනායක ගුවන් තොටුපළ තුළ මුදල් ගෙවා මෙම පහසුකම් ලබා ගත හැකි ” සේද මාවත “( Silk Route ) නමින් තවත්  පර්යන්තයක් පවතින අතර , ඒ සදහා එක් ගුවන් මගියෙකුගෙන් ඇමෙරිකානු ඩොලර් 50 ක මුදලක් ගුවන් තොටුපළ විසින් අය කර ගනු ලබනවා.

මෙම නව පර්යන්තය සදහා එක් ගුවන් මගියෙකුගෙන් ඇමෙරිකානු ඩොලර් 200 ක මුදලක් අය කර ගනු ලබන අතර , www.airport.lk වෙබ් අඩවියට පිවිස එම මුදල ගෙවා මෙම පහසුකම් වෙන්කරවා ගත හැකියි .

මෙම නව පර්යන්තය විවෘත කිරීම තුළින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබා ගැනීම මෙන්ම කටුනායක ගුවන් තොටුපළ තුළ ගුණාත්මකභාවය ද ඉහළ නංවා ගැනීම අපේක්ෂා කර තිබනෙවා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල මහතා එළඹෙන 20වන දින සිට කටුනායක ගුවන් තොටුපළේ සිට ගුවන් යානා ටර්බයින් ඉන්ධන හිගයකින් තොරව නිකුත් කිරීමට පියවර ගන්නා බවත් , මත්තල ගුවන් තොටුපළ ප්‍රතිව්‍යුහගත කරමින් එහි කොටස් විදේශීය ආයෝජකයන් හට විකිණීමට අදහස් කර ඇති බවද වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙම අවස්ථාවට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , එම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන් චන්ද්‍ර , සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන්  සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි,ශ්‍රී  ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ.ජයකාන්ත යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියා.

The post කටුනායක ගුවන් තොටුපළ වෙත පිවිසෙන ” රන් මාවත ” විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG