Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හිරුණිකාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය නොවැම්බර් 16 වනදා  

Add comments

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා යොමුකළ නඩුවේ වැඩිදුර විභාගය නොවැම්බර් 16 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

2015 වසරේ දී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස් සිරකර තබා පහරදීම ඇතුළු චෝදනා කිහිපයකටයි මෙම නඩුව ගොනුකර ඇත්තේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා වන අශාන් ප්‍රනාන්දු මහතා මේ දිනවල අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කියාසිටියේ මෙම නඩුව 2017 වසරේ විභාගයට ගැනීමට නියම කළත් විවිධ හේතූන් නිසා කල්ගොස් ඇති බවයි.

ඒ නිසා කෙටි දිනයක් ලබාදෙන ලෙස සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියා. මෙහිදී විනිසුරු අමල් රණරාජා මහතා විවෘත අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ මෙම නඩුවේ විභාගය 13 වතාවක් පමණ කල්ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් නඩුව නොවැම්බර් 16 වනදා ද කැදවන ලෙස අධිකරණය නියම කළා.

එදිනට සාක්ෂිකරුවන් පෙනී සිටිය යුතු බවට ද අධිකරණය අවවාද කළා.

The post හිරුණිකාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය නොවැම්බර් 16 වනදා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG