Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ITN නිෂ්පාදක කපිල ලියනගේ මහතාගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදු කෙරුණා  

Add comments

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වූ කපිල ලියනගේ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු  තලවතුගොඩ වැලිපාර පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.  .

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ කපිල ලියනගේ මහතා වසර විසිපහක කාලයක් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සේවය කළා. ක්‍රීඩා අංශය නියෝජනය කරමින් වැඩසටහන් රැසක් නිෂ්පාදනය කිරීමට ඒ මහතාගේ දායකත්වය ලබා දුන්නා.

2021 වසරේ සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලේ දී වසරේ ක්‍රීඩා වැඩසටහන ලෙසින් සම්මාන හිමිකරගත් ITN ස්පෝට්ස් වර්ල්ඩ් වැඩසටහන ද නිෂ්පාදනය කෙරුණේ කපිල ලියනගේ මහතාගේ දායකත්වයෙන්.

ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ ද ඒ මහතා කලක් කටයුතු කළා. ක්‍රීඩා වැඩසටහන් සජීවකරණයේ දී දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ මාධ්‍යවේදියෙකු ලෙසත් කපිලට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්.   අයිටීඑන් අවුරුදු කුමරා සහ කුමරිය වැඩසටහන සෑම වසරකම නිෂ්පාදනය කරමින් ඔහු ලබාදුන් දායකත්වය කිසිදා අමත කළ නොහැකියි.

රෝගී තත්ත්වයක් හේතුවෙන් කපිල ජීවිතයෙන් සමුගන්නා විට 49 වන වියෙහි පසු වුණා. ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු තලවතුගොඩදී සිදු කෙරුණේ සහෘද සේවක පිරිස ඇතුළු බොහෝ දෙනෙකුගේ සහභාගීත්වය ඇතිවයි.  කපිල ලියනගේ සහෘදයාණෙනි, අපෙන් සමුගත් ඔබට අමා මහ නිවන් සුව අත්වේවා.

 

The post ITN නිෂ්පාදක කපිල ලියනගේ මහතාගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදු කෙරුණා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG