Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෝවියට් සමූහාණ්ඩව පෙරස්ට්‍රොයිකාවෙන් අවසන් කළ ගොර්බචෝව් අවසන් ගමන්යයි  

Add comments

පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා වූ මිහායිල් ගොර්බචෝව් අද අභාවප්‍රාප්ත වුණා. සෝවියට් සමූහාණ්ඩුව හා බටහිර රටවල් අතර පැවති සීතල යුද්ධය සාමකාමීව අවසන් කළ නායකයෙකු ලෙස හැදින්වෙන මිහායිල් ගොර්බචෝව් අභාවප්‍රාප්ත වනවිට වයස අවුරුදු 91 ක්.

1985 වසරේ සිට 1991 වසර දක්වා මිහායිල් ගොර්බචෝව් සෝවියට් සංගම් කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ධුරය හෙබවූවා. එමෙන්ම 1988 වසරේ සිට 1989 දක්වා වසරක කාලයක් උත්තරීතර සෝවියට් සංගමයේ සභාපතිවරයා ලෙසත් 1988 වසරේ සිට 1991 වසර දක්වා රාජ්‍ය නායකයා ලෙසත් 1990 වසරේ සිට 1991 වසරේ දී සෝවියට් සමූහාණ්ඩුව විසුරුවාහරින තෙක් එහි සභාපතිවරයා ලෙසත් ඔහු කටයුතු කළා.

ගොර්බචෝව්, මාක්ස් – ලෙනින් වාදියෙකු වුවද 1990 වනවිට ඔහු සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කරා ගමන් කරමින් සිටි අයුරු දක්නට ලැබුණා. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට දැඩි හිසරදයක්ව පැවති සෝවියට් සමූහාණ්ඩුව බෙදා වෙන්කිරීමට මොහුගේ සහාය හිමිවූ බවටයි චෝදනා එල්ලවන්නේ. ඒ හේතුවෙන් රුසියාව ඔහුව හදුන්වන්නේ සෝවියට් සමූහාණ්ඩුව බෙදා වෙන්කර රුසියාව තනිකල නායකයෙකු ලෙසයි. නිවේදනයක් නිකුත් කරමින් රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය සාතිශය සංවේගය පළකර සිටිනවා.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් සදහන් කරන්නේ ලොව ඉතිහාසය වෙනස් කළ නායකයෙකු ලෙස මිහායිල් ගොර්බචෝව් හැදින්විය හැකි බවයි. එමෙන්ම කලාතුරකින් දක්නට ලැබෙන නායකත්වයේ ලක්ෂණ පෙන්නුම් කරන තාමාටම ආවේනික වූ ක්‍රමයකට දේශපාලනය කළ නායකයෙකු ලෙස ඔහුව හැදින්විය හැකි බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

The post සෝවියට් සමූහාණ්ඩව පෙරස්ට්‍රොයිකාවෙන් අවසන් කළ ගොර්බචෝව් අවසන් ගමන්යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG