Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කළහකාරී සිදුවීම්වලට අදාළව හිමිනමක් ඇතුළු 8ක් අත්අඩංගුවට  

Add comments

පසුගිය මැයි 09 වන දා ජුලි 09 වන දා සහ ජූලි 13 වන දා  ඇති වූ සිද්ධින් කිහිපයකට අදාළව සැකකරුවන් අට දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජූලි 09 වන දා අරලියගහ මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී රජයේ සේවකයන්ට සාපරාධී බලහත්කාරය පාමින් රජයේ දේපළවලට හානි කිරීම හා දේපළ සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අරලිය ගහ මන්දිරයෙන් සොරකම් කරන ලද පිත්තල සැරසිලි කැබලි හතක් සහ විශාල ප්‍රමාණයේ ගමන් බෑගයක් ද සමගයි.

ජූලි 09 වන දා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වි දේපල හානි සිදු කල සැකකරුවෙකු සහ හිමි නමක ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එදිනම ජනාධිපති මන්දිරයට එකතු වී දේපළ හානි සිදු කිරීම සම්බන්ධයෙන් සැකකාරියක අත්අඩංගුවට ගැනුණා. ඇය ගොතටුව ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ජූලි 13 වන දා පොල්දූව හන්දිය අසල විරෝධතාව අතරතුර සිදු කල ප්‍රචණ්ඩ ක්‍රියාවන් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් එක් අයෙකු අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ  පදිංචිකරුවෙකු බවයි පොලිසිය පවසන්නේ.

පසුගිය ජුලි 09 වන දා අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට  පහර දී තුවාල සිදු කල මුදල් පසුම්බිය කොල්ලකා ඔහු බේරේ වැවට තල්ලු කල බව කියන සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු අත්අඩගංගුවට ගෙන ඇත්තේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදීයි.

පසුගිය මැයි 09 වන දා පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාගේ නිවසට දේපළවලට හා වාහනවලට ගිනි තබා හානි සිදුකල සැකකරුවෙකු ද අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා. ඔහු පිලියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එදිනම පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසට හා දෙපළවලට ගිනි තැබීමේ සිද්ධීය සම්බන්ධයෙන් ද සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා. හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු 18 හැවිරිදි වියේ පසුවන්නෙක්.

 

 

 

 

 

 

 

 

The post කළහකාරී සිදුවීම්වලට අදාළව හිමිනමක් ඇතුළු 8ක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG