Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දේශපාලනඥයින්ගේ හා පොදු දේපල විනාශ කළ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට  

Add comments

පසුගිය දිනවල රට තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ දේශපාලනඥයන්ගේ හා පොදු දේපල විනාශ කළ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු නීතියේ රැහැනට හසුකරගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ නිවාසවලට හා දේපලවලට පසුගිය මැයි මස 09 වනදා හානි සිදු කළ සැකකරුවකු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත්තා. රත්මලාන ප්‍රදේශයේ පිහිටි රෝහිත අබේගුණවර්ධන මහතාගේ හා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවාසවලට මෙසේ හානි සිදු කිරීම සම්බන්ධයෙන් වයස අවුරුදු 24ක සැකකරුවකු අත්අඩංගුවට ගැනුනා. රෝහිත අබේගුණවර්ධන මහතාගේ නිවසේ තිබූ භාණ්ඩ කිහිපයක්ද මෙම සැකකරු සොරකම් කරගෙන ගොස් තිබියදී පොලීසිය සොයා ගත්තා.

කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට පසුගිය ජුලි මස 09 වනදා ඇතුළු වී එහි දේපලවලට හානි සිදු කළ තොඩුවාව පොලීසිය අත්අඩංගුවට ගත්තා. වයස අවුරුදු 34ක් වන මෙම සැකකරු දේපල රැසකට හානි සිදු කර තිබෙනවා.

ගාලුමුවදොර විරෝධතාකරුවන්ට පසුගිය මැයි මස 09 වනදා පහරදීම සඳහා පැමිණි පුද්ගලයන් ප්‍රවාහනය කළ බවට සැකපිට බස් රථ 05කට පහර දී හානි සිදු කිරීමට සම්බන්ධ වූ සැකකරුවෙකු මාලඹේ පොලීසිය අත්අඩංගුවට ගත්තා. වයස අවුරුදු 29 ක් වූ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එදින පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතාගේ දංකොටුවේ පිහිටි නිවසට හා කාර්යාලයට ගිනිතබා විනාශ කිරීම සම්බන්ධයෙන් දංකොටුව පොලීසිය සැකකරුවකු අත්අඩංගුවට ගත්තා.දංකොටුව නගරයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු වයස අවුරුදු 45ක පුද්ගලයෙක්.

උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයට පසුගිය මැයි මස 10 වනදා පහරදී හානි සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු නිකවැරටිය පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඔවුන් මඩහපොල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කරන්නේ.

පසුගිය ජුලි මස 09 වනදා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළ කළ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන නලින් රාජපක්ෂ අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. නීතීඥවරුන් සමඟයි  ඔහු එම දෙපාර්තමේන්තුවට පැමිණියේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයට පසුගියදා අයුතු ලෙස ඇතුළුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පූජ්‍ය බලන්ගොඩ කාශ්‍යප ස්වාමීන්වහන්සේ සහ තවත් සැකකරුවකු ඇප මත මුදාහරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළා.ඒ රුපියල් ලක්ෂ 5  බැගින් වූ ශරීර ඇප මතයි. ඔවුන්ගේ විදේශ ගමන් ද තහනම් කෙරුණා.

 

 

 

 

 

 

 

The post දේශපාලනඥයින්ගේ හා පොදු දේපල විනාශ කළ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG