Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිවාසවල හිමිකම් ඔප්පු වසරක් ඇතුළත ලබාදීමට පියවර ගන්නැයි බලධාරීන්ට උපදෙස්  

Add comments

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ආයතන මගින් ලබා දී ඇති නිවාසවල හිමිකම් ඔප්පු වසරක් ඇතුළත ලබාදීමට පියවර ගන්නැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේ හිමිකම් ඔප්පු ලබාදීම සඳහා වූ ගැටලු ආයතන මට්ටමින් විසඳා ගැනීමට කටයුතු කළ යුතු බවයි. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නම් අණ පනත් සංශෝධනයටද පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට දැනුම් දුන්නා. මෙතෙක් හිමිකම් ඔප්පු නොලැබුණු තට්ටු නිවාස හිමියන්ට හා නිවාසලාභීන්ට ඔප්පු ලබාදීමට පවතින ගැටලු නිරාකරණය සඳහා නිර්දේශ ලබා ගැනීමට 11 දෙනෙකුගෙන් යුත් කමිටුවක්ද ජනාධිපති ලේකම්වරයා විසින් පත් කර තිබෙනවා. රජයේ අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘතිවල නිවාසලාභීන් විසිදෙදහස් තුන්සිය අට දෙනෙකුට මෙතෙක් හිමිකම් ඔප්පු ලබා දි නොමැති බවද එම සාකච්ඡාවේදී හෙලි වුණා. නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මගින් 1326 දෙනෙකුට නිවාස ලබා දී ඇති අතර ඉන් ඔප්පු ලබාදී ඇත්තේ නිවාසලාභීන් 545 දෙනෙකු සඳහායි.

 

The post නිවාසවල හිමිකම් ඔප්පු වසරක් ඇතුළත ලබාදීමට පියවර ගන්නැයි බලධාරීන්ට උපදෙස් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG