Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වී මිලදී ගැනීම අඛණ්ඩව  

Add comments

වී මිලදී ගැනීම සදහා රජයේ වී ගබඩා විවෘත කර තැබීමට පියවර ගැනුණා. බොහෝ ප්‍රදේශවල වී මිලදී ගැනීම් සිදු කෙරෙමින් පවතින බවයි වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් පවසන්නේ.

නාඩු වී කිලෝග්‍රෑම් එකක්  රුපියල් 120 කට ද සම්බා රුපියල් 125 කට හා කීරි සම්බා වී කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 130 කටත්  මිලදී ගැනීමට රජය තීරණය කළා. ඒ ගොවීන්ට තම වී අස්වැන්න අලෙවි කර ගැනීමට පහසුකම් සැලසීමේ අරමුණින්.

උතුරු මැද පළාතේ පොළොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික්වල වී මිලදී ගැනීම් අඛණ්ඩව සිදුවනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගබඩා 27 ක් විවෘතව පවතින අතර වී මිලදී ගැනීම් නිසි පරිදි සිදු කෙරෙන බවයි වී අලෙවි මණ්ඩල නිලධාරීන් පවසන්නේ. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමද වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා දෙකක් මගින් මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා.

පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ කලහගල ගොවීන් තම වී අස්වැන්න කදුරුවෙල පිහිටි වී අලෙවි මණ්ඩල ගබඩාවට ලබා දීමට කටයුතු කරමින් සිටින අයුරු දක්නට ලැබුණා. දිස්ත්‍රික්කයේ තවත් වී ගබඩා කිහිපයක් ඉදිරි දිනවලදී විවෘත කර වී මිලදී ගැනීම් සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

උතුරු පළාතේ මධ්‍යස්ථාන 13 කදී වී අලෙවි මණ්ඩලය රජයේ සහතික මිලට ගොවි ජනතාවගෙන් වී මිලදී ගැනීම  සිදු කරමින් පවතිනවා.

 

 

The post වී මිලදී ගැනීම අඛණ්ඩව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG