Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු අප්‍රිකාවට කඩුළු 04 ක ජයක්  

Add comments

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අද පැවති තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකා කණ්ඩායම  සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා පිලේ නායක ටෙම්බා බව්මාගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස කුසල් ජනිත් පෙරේරා දැවී ගියේ මුල් ලකුණු සංඛ්‍යාව 20ක්ව තිබියදීයි.

සාර්ථක පිති හරඹයක නිරත වූ චරිත් අකලංක පන්දු දාහතරකදී ලකුණු 21ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා. ඉන්පසු පැමිණි පිතිකරුවන් එතරම් සාර්ථක නොවූවද ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණි පැතුම් නිශ්ශංක විශිෂ්ඨ පිති හරඹයක නිරත වෙමින් පන්දු 58කදී6 පහර තුනක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 72ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කන්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 142ක් ලබා ගැනීමට සමත්වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානුවන් පන්දුවාර 19යි පන්දු 5ක් තුළ කඩුලු 6ක් දැවී ලකුණු 146ක් ලබා ජයග්‍රහණය වාර්තා කළේය.

 

 

 

 

The post දකුණු අප්‍රිකාවට කඩුළු 04 ක ජයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG