Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෝලීය උෂ්ණත්වය පාලනයට ලෝක නායකයන්ගෙන් යහපත් ප්‍රතිචාර  

Add comments

එක්සත් රාජධානියේ ග්ලාස්ගෝව්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුව තුළදී ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීම සඳහා ලෝක නායකයන්ගෙන් සාර්ථක ප්‍රතිචාරයක් ලැබී තිබෙන බව ජගත් මහ ලේකම්වරයා පවසනවා.

කාර්මික යුගයකට සාපේක්ෂව ගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.5 කින් ඉහළ යාම පාලනය කර ගැනීමටයි මෙම සම්මුතිය ඇතිකර ගැණෙන්නේ.

එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ ගෝලීය සමුළුව ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නගරයේ දී අද ආරම්භ වුණා. අධික කාබන් විමෝචනය නිසා ගෝලීය වශයෙන් සිදු වෙමින් තිබෙන දැඩි අවදානම්කාරී තත්ත්වය පිළිබඳව විද්‍යාඥයන්ගේ අනතුරු ඇඟවීම් මධ්‍ය යේ යි මෙම සමුළුව ආරම්භ වූයේ. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පසුගිය වසරේ දී සමුළුව පැවැත්වීමට හැකිවූයේ නැහැ. කාර්මිය යුගයට සාපේක්ෂව ගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.5 කින් ඉහළ ගියහොත් ග්ලැසියර් දියවීම , මුහුදු මට්ටම ඉහළ යාම , කාලගුණික විපත් ඇතුලු දැවැන්ත විනාශයක් ලෝකයට සිදුවිය හැකි බවයි විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත්තේ. ලෝක නායකයන්ගේ දේශපාලනික කැපවීම තුළින් පමණක් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කර ගත නොහැකි බව එක්සත්ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුතරේට්ස් සඳහන් කර තිබෙනවා. කාබන් විමෝචනය පාලනය කිරීම සඳහා චීනය ඇතුලු රටවල් කිහිපයක් මෙවර සමුළුවේ දී සාර්ථක ප්‍රතිචාර දක්වා තිබෙනවා. කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදය තවමත් දේශගුණ විපර්යාස මැඩලීම සඳහා කාබන් විමෝචනය පාලනය කිරීමට සාර්ථක ප්‍රතිචාරයක් දක්වා නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 2050 වසර වනවිට කාබන් විමෝචනය බිංදුව බවට පත් කිරීමට මෙහිදී සම්මුතියක් ඇති කර ගැනීමට නියමිතයි.

 

 

The post ගෝලීය උෂ්ණත්වය පාලනයට ලෝක නායකයන්ගෙන් යහපත් ප්‍රතිචාර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG