Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා එන්නතක් පිළිබද රුසියාවේ සායනික පරීක්ෂණ සති දෙකකින්  

Add comments

කොරෝනා වයිරසයට එරෙහි එන්නතක සායනික පරීක්ෂණ සති දෙකකින් ආරම්භ කරන බව රුසියාව ප‍්‍රකාශ කළා.

මේ වනවිට එහි මූලික කටයුතු ආරම්භ කර තිබෙනවා. එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ ආයෝජනයක් මගින් එන්නතක් නිෂ්පාදනයට කටයුතු කළා. කෙසේවෙතත් අත්හදා බැලීමකින් තොරව එය භාවිත කළ නොහැකි බවයි විද්‍යාඥයන් පවසන්නේ. අවසන් අදියරයේදී රෝගීන් 330 දෙනෙකුට එන්නත ලබාදීමයි අපේක්ෂාව.

මේ අතර චීනය නිෂ්පාදනය කළ එන්නත වසර අවසන් වනවිට භාවිතා කිරීමට හැකි වන බව එරට බලධාරීන් සඳහන් කළා. මේ වනවිටත් එන්නත් සියයකට ආසන්න ප‍්‍රමාණයක් ලොවපුරා අත්හදා බැලීමේ මට්ටමකයි පවතින්නේ.

චීනය පුද්ගලයන් 2000 කට එන්නත පළමු අදියරයේදී පරීක්ෂණ සඳහා ලබාදී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. අදියර තුනක් යටතේ එය අත්හදා බැලීම් තවදුරටත් සිදුකරන බවයි චීන වෛද්‍යවරුන් පවසන්නේ.

The post කොරෝනා එන්නතක් පිළිබද රුසියාවේ සායනික පරීක්ෂණ සති දෙකකින් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG