Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනපති ඓතිහාසික සෝමාවතී විහාරස්ථානය වැඳපුදා ගනී  

Add comments

ජනතාවට සහ රටට සෙත්පතා පොලොන්නරුව ඓතිහාසික සෝමාවතී විහාර පුදබිමේ පැවති ආගමික වතාවත්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (30) එක්වුණා.

සෝමාවති පුදබිමට පැමිණි ජනාධිපතිතුමා රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. සෝමාවතී සෑරදුන් වෙත සිදු කෙරුණු කප්රුක් පූජාවකටද ජනාධිපතිතුමා එක් වුණා.

සෝමාවති පුද බිම බොහෝ අවස්ථාවල ගංවතුර තර්ජනයට ලක් වනවා. සෝමාවති රජමහා විහාරාධිපති ස්වාමින් වහන්සේගේ ඉල්ලීම පරිදි ජනාධිපතිතුමාගේ උපදෙස් යටතේ ගුවන් හමුදාව එවැනි ආපදා අවස්ථාවකදී සහාය විය හැකි ආකාරයෙන් හෙලිකොප්ටර් යානාංගනයක් ඉදිකළා.

එම යානාංගනය විවෘත කිරීමද ජනාධිපතිතුමා අතින් අද (30) සිදු කෙරුණා. ගුවන්හමුදාපති එයාර් මාර්ශල් සුමංගල ඩයස් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

 

 

 

The post ජනපති ඓතිහාසික සෝමාවතී විහාරස්ථානය වැඳපුදා ගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG