Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට PCR පරික්ෂණ හැට දෙදහස ඉක්මවයි  

Add comments

මෙරටදී සිදුකළ PCR පරික්ෂණ සංඛ්‍යාව හැට දෙදහස ඉක්මවා තිබෙනවා.

ඊයේ (29) දිනය තුළ පමණක් PCR පරික්ෂණ 1330 ක් සිදුකෙරුණා. ඒ අනුව මෙරටදී සිදුකළ සමස්ත PCR පරික්ෂණ සංඛ්‍යාව හැට දෙදහස් දෙසීය අටක්. තවදුරටත් PCR පරික්ෂණ සිදුකෙරෙන බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

මේ අතර මෙරටින් තහවුරු කරගත් නව්‍ය කොරෝනා ආසාධිතයන්ගේ සංඛ්‍යාව 1558 ක් බව වසංගත රෝග විද්‍යා අංශය ප‍්‍රකාශ කළා. ඉන් 781 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

නාවික හමුදාවේ සෙබලුන් අතර නව්‍ය කොරෝනා වෛරසය ආසාධනයවීම පාලනයකට නතුකර ඇති බවයි මාධ්‍ය ප‍්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේ. තව සති කිහිපයකින් නාවික හමුදාවෙන් නව්‍ය කොරෝනා ආසාධිතයන් වාර්තා නොවනු ඇති බවයි සුරියබණ්ඩාර මහතා පෙන්වා දුන්නේ.

ගතවූ දින තිහ තුළ සමාජයෙන් නව්‍ය කොරෝනා ආසාධිතයන් වාර්තා නොවූ බව කොළඹ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි මහතා ප‍්‍රකාශ කළා. කොළඹ නගර සභා බල ප‍්‍රදේශයේ සියලු සෞඛ්‍යාරක්ෂක පහසුකම් සලසා ඇති බවයි විජේමුණි මහතා සදහන් කළේ.

The post මෙරට PCR පරික්ෂණ හැට දෙදහස ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG