Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින චීන ජනතාවට සෙත් පැතීමේ ආශිර්වාද පූජාවක්  

Add comments

කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින චීන ජනතාවට සෙත් පැතීමේ ආශිර්වාද පූජාවක් තිස්සමහාරාමයේදී පැවැත්වුණා.

ඒ වෙනුවෙන් ආශිර්වාද රථ පෙරහැර ආරම්භ කෙරුනේ තිස්සමහාරාම රජමහා විහාරස්ථානයෙන්. චීන ශ්‍රි ලංකා ආර්ථික වෙළද සහ සංස්කෘතික සහයෝගීතා කේන්ද්‍රයයි එය සංවිධාන කළේ.

තිස්සමහාරාම විහාරස්ථානයේදී මහා සංඝරත්නය සියක්නමක් සෙත් පිරිත් සඡ්ඣායනා කිරීමෙන් පසු රථපෙරහැර ගමන් ආරම්භ කළා. තිස්සමහාරාම රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දේවාලගම ධම්මසේන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙනුයි එම කටයුතු සිදු කෙරුණේ. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. පින්කම් මාලාවේ දෙවන දිනය වූ අද දිනයේ ආශිර්වාද රථ පෙරහැර කතරගම දක්වා ගමන් කළා.  කිරිවෙහෙර සහ කතරගම මහා දේවාලය වෙත ගොස් ආගමික වතාවත් සිදු කෙරුණා. කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය එම අවස්ථාවට වැඩම කර සිටියා. මෙම ආශිර්වාද රථ පෙරහැර දළදාමාලිගයට, අනුරාධපුර ශ්‍රී මහා බෝධියට සහ කැළණිය රජ මහා විහාරස්ථානයට ගමන් කිරීමට නියමිතයි.

මේ අතර කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින ලෝකවාසීන්ට ආශිර්වාද කිරීමේ පිරිත් සඡ්ඣායනයක් මහනුවර නාථ දේවාල පරිශ්‍රයේදී සිදු කෙරුණා. නාථ දේවාල විහාරාධිපති පූජ්‍ය ගොමගොඩ රථනසාර ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද මත මහනුවර නාථ දේවාල බස්නායක නිලමේ ගයාන් හීන්කෙන්ද මහතාගේ මෙහෙයවීමෙන් මෙම කටයුතු සංවිධාන කර තිබුණා. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය පිරිත් සඡ්ඣායනය සදහා වැඩමකර සිටියා.

 

The post කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින චීන ජනතාවට සෙත් පැතීමේ ආශිර්වාද පූජාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG