Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රාජ්‍ය පොසොන් උත්සවය හේතුවෙන් සියලු සුරාසැල් වැසෙයි  

Add comments

රාජ්‍ය පොසොන් උත්සවය හේතුවෙන් ලබන සිකුරාදා සහ සෙනසුරාදා දිවයිනේ සියලු සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඊට අමතරව සුපිරි වෙළෙද සැල්වල මත්පැන් අලෙවිය නැවැත්වීමටත් තීරණය කර ඇති බවයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කළේ.

සතුන් මරණ ස්ථාන , රේස් බුකී, කැසිනෝ ශාලා සහ මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළෙදසැල්වල මාංශ අලෙවිය නැවැත්වීමටත් දැනුම්දී ඇති බවයි අමාත්‍යාංශ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා ප‍්‍රකාශ කරන්නේ.

මෙම නියෝගයට අනුව ලබන සිකුරාදා සහ සෙනසුරාදා සුරාසැල් විවෘතව තැබුණහොත් නීතිමය පියවර ගන්නා බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සදහන් කළේ. ‍ෙ

මේ අතර නුවරඑළිය අඹගමුව සහ කොත්මලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සියලුම සුරාසැල් අද (30) වසා තැබෙන බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

 

The post රාජ්‍ය පොසොන් උත්සවය හේතුවෙන් සියලු සුරාසැල් වැසෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG