Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හොංකොං රාජ්‍යයට පක්‍ෂපාතීව කටයුතු කිරීමට තීරණය කළ බව ට්‍රම්ප් පවසයි  

Add comments

තමා හොංකොං රාජ්‍යයට පක්‍ෂපාතීව කටයුතු කිරීමට තීරණය කළ බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

චීනය හොංකොං රාජ්‍යයට නව ආරක්‍ෂක නීති පැනවීම මෙම තීරණයට හේතුවී තිබෙනවා. නව නීති හඳුන්වා දීම තුළින් සිදුවන්නේ හොංකොං රාජ්‍යය තවත් අගාධයට ඇද දැමීම බවයි ඔහු තවදුරටත් කියාසිටින්නේ. නව ආරක්‍ෂක පනතට අනුව හොංකොං දේශ සීමාව තුළ දී චින රජයේ අධිකාරිත්වයට එරෙහිව ක්‍රියාකාරකම්වල නිරත වීම අපරාධයක් වන බවයි විශ්ලේෂකයන් පවසන්නේ.

මෙම නව පනත සමග හොංකොං දේශයේ ස්වාධීනත්වයට බලපෑමක් සිදුවන බවට බොහෝ දෙනෙකුගේ මත පළ වී තිබෙනවා. මේ අතර තම කලාපයේ කටයුතුවලින් බටහිර රටවල් ඉවත් විය යුතු බව චීනය නිවේදනය කරනවා. හොංකොං දේශය මහජන චීනයේ ස්වයං පාලන ප්‍රදේශයක් ලෙසයි ක්‍රියාත්මක වන්නේ.

 

 

The post හොංකොං රාජ්‍යයට පක්‍ෂපාතීව කටයුතු කිරීමට තීරණය කළ බව ට්‍රම්ප් පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG