Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ අධි අවධානම් කළාපවලට පනවා තිබූ සීමාකිරිම් තවදුරටත් දීර්ඝ කරයි  

Add comments

covid 19 වසංගතය හේතුවෙන් පැන වූ සීමා ලබන මස 30 වනදා දක්වා දීර්ඝ කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

එම දැඩි සීමා ක්‍රියාත්මක වන්නේ පසුගිය මාර්තු 25 වනදා සිටයි. කෙසේ වෙතත් වෛරසයේ ආසාදනය අවම ප්‍රදේශවල ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් සිදු කෙරෙන බවයි රජය නිවේදනය කළේ.

ලබන මස 8 වනදා සිට සාප්පු සංකීර්ණ,  හෝටල්,  අවන්හල් හා ආගමික ස්ථාන ජනතාව සඳහා විවෘත වන්නේ මේ වන විට වාර්තා වන මුළු කෝවිඩ් ආසාදිත සංඛ්‍යාව එක් ලක්‍ෂ අසූ එක් දහස ඉක්මවා යන පසුබිමකයි. ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කෝවිඩ් මරණ සංඛ්‍යාව පන්දහස ඉක්මවා තිබෙනවා.

 

 

The post ඉන්දියාවේ අධි අවධානම් කළාපවලට පනවා තිබූ සීමාකිරිම් තවදුරටත් දීර්ඝ කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG