Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හිසට සෙවණක් නැති මාධ්‍යවේදීන්ට ගෙයක් දෙන්න මාධ්‍ය ඇමති බන්දුලගේ සූදානමක්  

Add comments

රජයේ ඉඩම් නිසි ක්‍රමවේදයකින් තොරව පෞද්ගලික අංශයට ලබා දී ඉදිකර ඇති නිවාස සංකීර්ණ මාධ්‍යවේදීන්ට ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

රිචඩ් ද සොයිසා මාධ්‍යවේදී නිවාස සංකීර්ණයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

මාධ්‍යවේදීන් සදහා මෙරට ඉදිකෙරුණු පළමු මාධ්‍ය ගම්මානය වන්නේ තලංගම කොස්වත්ත ප්‍රදේශයේ පිහිටි රිචඩ් ද සොයිසා මාධ්‍යවේදී ගම්මානයයි. එහි පවතින අඩුපාඩු සොයා බැලීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම ගම්මානයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුණා. නිවාස සංකීර්ණය මාධ්‍යවේදීන් වෙත ලබා දීමෙන් පසු ජනමාධ්‍ය අමාත්‍යවරයෙකු එහි සංචාරය කළ පළමු අවස්ථාව ද මෙයයි.

නිවාස සංකීර්ණයේ පවතින ගැටලු සම්බන්ධයෙන් කඩුවෙල නගරාධිපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කරගත් අමාත්‍යවරයා එම ගැටලුවලට කඩිනමින් විසදුම් ලබා දෙන ලෙස දැනුම් දුන්නා.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතාගේ සුවදුක් විමසිමට ද අමාත්‍යවරයා පියවර ගත්තා.

“]

The post හිසට සෙවණක් නැති මාධ්‍යවේදීන්ට ගෙයක් දෙන්න මාධ්‍ය ඇමති බන්දුලගේ සූදානමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG