Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ ප‍්‍රාන්ත කිහිපයකට අයහපත් කාලගුණය පිළිබදව අනතුරු ඇඟවීමේ නිවේදනයක්  

Add comments

ඉන්දියාවේ ප‍්‍රාන්ත කිහිපයකට අයහපත් කාලගුණය පිළිබදව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඉදිරි පැය 48 දී තද වැසි අපේක්ෂා කරන බවයි ඉන්දීය කාලගුණ අංශ සඳහන් කළේ. ඒ හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු තමිල්නාඩුවේ සියලුම පාසල් සහ විශ්වවිද්‍යාල ද වසාතැබීමට ප‍්‍රාන්ත බලධාරීන් තීරණය කළා. වෙරළබඩ ප‍්‍රදේශවල සංචාරය නොකරන ලෙසට ද ජනතාවට දැනුම්දී තිබෙනවා.

ධීවරයන්ට ද මුහුදු යාමෙන් වළකින ලෙසයි උපදෙස් ලබාදී ඇත්තේ. ආන්ද්‍රා ප‍්‍රදේශ් සහ තෙලඟනා ප‍්‍රාන්තවල ද වෙරළබඩ ප‍්‍රදේශ වලට කාලගුණයෙන් දැඩි බලපෑම් ඇති වන බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

The post ඉන්දියාවේ ප‍්‍රාන්ත කිහිපයකට අයහපත් කාලගුණය පිළිබදව අනතුරු ඇඟවීමේ නිවේදනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG