Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුඩානයේ නීති සංශෝධනයක්  

Add comments

සුඩානයේ ආන්දෝලනයකට තුඩුදුන් නිීති කිහිපයක් සංශෝධනය කර තිබෙනවා. කාන්තාවන්ට ප‍්‍රසිද්ධ ස්ථානවලදී ඇදුම් පැලදුම් භාවිතය සහ හැසිරිම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා නීති කිහිපයක් සම්පාදනය කළා. එම නීති හේතුවෙන් තමන් පීඩාවට පත්වන බවයි ඔහුට එරෙහිව උද්ඝෝෂණය කරමින් කාන්තාවන් පෙන්වා දුන්නේ.

හිටපු ජනාධිපතිවරයා ඉවත්කර බලයට පත් නව රජයේ අග‍්‍රාමාත්‍ය අබ්දුල්ලා හැම්ඩොක් මෙම නීති ඉවත්කිරිමට කටයුතු කළා. හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන පක්ෂය විසුරුවා හැර එහි සියලු දේපල රාජසන්තක කිරිමට ද රජය තීරණය කර තිබෙනවා.

ඕමාර් අල් බසීර්ගේ රජය පෙරලා දැමීමට උදව් කළ විරෝධතා කරුවන්ගේ ප‍්‍රධාන ඉල්ලිමක් ඉටුකර ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. සුඩානයේ ස්වාධින කවුන්සිලය සහ කැබිනට් මණ්ඩලයේ ඒකාබද්ධ රැස්වීමකදී මෙම තීරණ ගෙන තිබෙනවා. ජනතාව එම තීන්දු තීරණ සම්බන්ධයෙන් වීථි බැස සිය ප‍්‍රසාදය පළකරන බවයි සුඩාන වාර්තා පෙන්වා දෙන්නේ.

The post සුඩානයේ නීති සංශෝධනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG