Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අපි සූදානම් ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කරන්න – මාවෙයි සේනාධිරාජා  

Add comments

දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකර ගැනීම සදහා ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා සමග දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පවසනවා. යාපනයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.

පා.ම. මාවෙයි සේනාධිරාජා

“තමිල්අරසු පක්ෂය කාවද තෝරා ගන්නේ කියන එක නෙමෙයි අපට තියෙන ප්‍රශ්නය. අපේ ප්‍රතිපත්ති පිළිගන්නෙ කවුද කියන එකයි ප්‍රශ්නේ. අපේ ජනතාවගේ ප්‍රශ්නය කොයි තරම් දුරට විසදා ගන්න පුළුවන්ද කියන එක අනුවයි ඡන්දය දීලා තියෙන්නේ. බලයට ආව පිරිස් කියනවා අපි ප්‍රශ්නවලට විසදුම් දෙනවයි කියලා. එහෙම නම් අපි සූදානම් ඒ අයත් එක්ක සාකච්ඡා කරන්න. අපේ දේශය සහ අපේ ජනතාව නැවත ගොඩනැංවීමට වත්මන් රජය විසදුමක් දීමට සූදානම් නම් ඒකට සහයෝගය දීමට අපි ලැහැස්තියි කියලා මම කියන්න කැමතියි.”

 

 

 

The post අපි සූදානම් ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කරන්න – මාවෙයි සේනාධිරාජා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG