Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හොංකොං ගැටලුවට ජගත් සංවිධානයේ මැදිහත් වීම ගැන චීනයේ විරෝධය  

Add comments

හොංකොං හි ක්‍රියාත්මක උද්ඝෝෂණ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා අනුගමනය කරන පිළිවෙත චීනයේ දෝෂදර්ශනයට ලක්ව තිබෙනවා.

චීනය සඳහන් කරන්නේ හොංකොං හි පවතින්නේ රැඩිකල් ක්‍රියාකාරින් පිරිසකගේ ප්‍රචණ්ඩකාරී හැසිරිමක් පමණක් බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී මිචෙල් බැචලේ පුවත්පතකට සපයා තිබු වාර්තාවක් තුළින් වැරදි අදහසක් හොංකොං ගැටලුව සම්බන්ධයෙන් මතුවී ඇති බව චීන රජය කියා සිටිනවා. බැචලේගේ වාර්තාව මඟින් චීනයේ අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත්වීමක් සිදුවී ඇති බවයි ජිනීවා නුවර චීන දූත මණ්ඩලය සඳහන් කර ඇත්තේ. මෙවැනි ක්‍රියා මඟින් උද්ඝෝෂකයින් සහ රැඩිකල් ප්‍රචණ්ඩක්‍රියාවල නිරතවන්නන් තවත් ශක්තිමත් වන බව ද චීන බලධාරීන් කියාසිටිනවා. පසුගිය දින කිහිපය තුළ පවතින උද්ඝෝෂණ හේතුවෙන් හොංකොං හි ජනජීවිතයට දැඩි බාධා එල්ල වී තිබෙනවා. පොදු දේපළ රැසකට හානි සිදුව ඇති අතර චීන හිතවාදී ව්‍යාපාරික ස්ථානවලට ද උද්ඝෝෂකයින් ප්‍රහාර එල්ල කර ඇති බවයි චීනය කියාසිටින්නේ. හොංකොං හි විශ්වවිද්‍යාල කිහිපයකට උද්ඝෝෂකයින් ඇතුලු වී ඒවායේ රැඳී සිටින බව ද විදෙස් වාර්තා සඳහන් කරනවා. හොංකොං පොලීසිය උද්ඝෝෂකයින් පන්දහස් අටසිය අනූ දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

The post හොංකොං ගැටලුවට ජගත් සංවිධානයේ මැදිහත් වීම ගැන චීනයේ විරෝධය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG