Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුරක්ෂා රක්ෂණය අහෝසි කළ බවට ගෙනයන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍යයි  

Add comments

පාසල් දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණය අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බවට ගෙනයන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කරනවා.

සුරක්ෂා රක්ෂණය පාසල් දරුවන් මිලියන 4 කට අධික පිරිසක් වෙනුවෙන් ක්‍රියාත්මකයි. එය අහෝසි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි,  ඇතැම් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාලාවල පළවූ වාර්තා මුලුමනින්ම අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරනවා. මෑත කාලීනව මෙරට ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ වැදගත් ව්‍යාපෘතියක් ලෙස සුරක්ෂා රක්ෂණය හැදින්වීමට තමා කිසිවිටෙකත් නොපැකිලෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමන් කළ පැහැදිලි කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමන් ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය තීරණය කරනු ලැබුවේ මෙම රක්ෂණය ඵලදායී ව්‍යාපෘතියක් වුවද ක්‍රියාත්මක පාර්ශ්වයේ දුර්වලකම් හා අනීතික ක්‍රියාකාරකම් දුරුකොට එය දරුවන්ට උපරිම ප්‍රතිලාභ ලැබෙන ලෙස ක්‍රියාත්මක කළ යුතු බවයි.

ඒ අනුව ජාතික වගකීමක් ලෙස කිසිදු අක්‍රමිකතාවකට ඉඩ නොතබමින් මෙම සිසු රක්ෂණය ක්‍රියාත්මක කිරීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය භාරගෙන ඇත්තේ ගෞරවයෙන් හා මහත් වූ විශ්වාසයකින් බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරනවා.

 

 

The post සුරක්ෂා රක්ෂණය අහෝසි කළ බවට ගෙනයන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG