Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා නිසා වායු දූෂණය අඩු වේ  

Add comments

COVID-19 හෙවත් කොරෝනා වෛරසය නිසා වායු දූෂණය පහත වැටී ඇති බව නාසා ආයතනය සිදු කළ පරීක්ෂණයකින් පෙනී ගොස් තිබෙනවා.

චීනයේ කාර්යබහුල නගර ගණනාවක් නිරෝධායනයට ලක්කිරීම නිසා රථවාහන ධාවනය, කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම ඇතුළු මිනිස් ක්‍රියාකාකරම් අවම වීමෙන් වායු දූෂණය අඩුවී ඇති බවයි නාසා ආයතනය චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කරමින් සිදු කළ පරික්ෂණයකදී පෙනී ගොස් ඇත්තේ.

මේ සඳහා යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ සහයෝගය ද ලැබී තිබෙනවා. චීනයේ නගර කිහිපයක් මාස දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. COVID-19 වෛරසය චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් ආරම්භ වූ අතර මේ වන විට ලෝකයේ රටවල් 61කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. අවදානම් තත්ත්වය උපරිම මට්ටමකට පැමිණ ඇති බවයි. COVID-19 වෛරසය නිසා මරණයට පත්වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 2979ක්. අසාදනයට ලක්වූවන්ගේ සංඛ්‍යාව 86529ක් වන අතර 41958 දෙනෙකු  සුවවී තිබෙනවා.

චීනයට පසු COVID-19 වෛරසය ආසාදනයෙන් වැඩිම පිරිසක් මිය ගොස් ඇත්තේ ඉරානයෙන්. ඒ මරණ 43ක්. චීනයට පසු වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන්. ඒ ආසාදිතයන් 3526ක්. දකුණු කොරියාවේ කොවිඩ් නයින්ටීන් මරණ 17ක්ද වාර්තා වුණා. ඇමෙරිකා එක්සත් ජනපදයේද පළමුවරට COVID-19 වෛරසය ආසාදනය වූවෙකු මිය ගොස් තිබෙනවා. මේ හේතුවෙන් සංචාරක සීමා පැනවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත්තා. විශේෂයෙන් ඉරානයෙන් ඇමෙරිකාවට  පැමිණෙන පුද්ගලයින් සංඛ්‍යාව සීමා කොට ඇති අතර COVID-19 වෛරසය ව්‍යාප්ත වී ඇති රටවල සංචාරය නොකරන ලෙසයි ඇමෙරිකානුවන්ට දැනුම් දී ඇත්තේ.  ඕස්ට්‍රේලියාවේද COVID-19 වෛරසය අසාදනය වූ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඒ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිට රැගෙන ආ 78 හැවිරිදි පුද්ගලයෙකුයි.

 

The post කොරෝනා නිසා වායු දූෂණය අඩු වේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG