Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාව සහ තලෙයිබාන් සංවිධානය අතර ඓතිහාසික සාම ගිවිසුමක්  

Add comments

ඇමෙරිකාව සහ ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානය අතර ඓතිහාසික සාම ගිවිසුම ඊයේ අත්සන් කළා.

කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරදී මෙම ගිවිසුම අත්සන් කෙරුණේ. ඒ අනුව මාස 14ක කාලයක් ඇතුළත ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමෙරිකා සහ නේටෝ සංවිධානයේ ආරක්ෂක අංශ ඉවත් කිරීම සිදු කෙරෙනු ඇති. එමෙන්ම දින 135ක් ඇතුළත ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමෙරිකා හමුදා නිලධාරීන් දහතුන් දහසෙන් අටදහස් හයසීයක් ඉවත් කර ගැනීමට නියමිතයි. එමෙන්ම ඇමෙරිකාව අත්අඩංගුවට ගෙන සිටින තලෙයිබාන් සංවිධානයේ සමාජිකයින් දහසක් මෙම අගෝස්තු මාසයේදී නිදහස් කිරීම ද මෙම ගිවිසුම හරහා සිදුවනවා. මෙහි සාක්ෂි කරුවන් ලෙස සහභාගී වුණේ ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ කටාර් රාජ්‍යයේ විදේශ අමාත්‍ය ශෙයික් මොහොමඩ් බින් අල්තානි විසිනුයි.

 

 

 

The post ඇමෙරිකාව සහ තලෙයිබාන් සංවිධානය අතර ඓතිහාසික සාම ගිවිසුමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG