Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනපතිටත් ආණ්ඩුවටත් වැඩ කළ හැකි පාර්ලිමේන්තුවක් පත්කර ගන්න  

Add comments

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට වැඩ කළ හැකි පාර්ලිමේන්තුවක් ඉදිරි මහ මැතිවරණයෙන් පත් කර ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සව කිහිපයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

පූජ්‍ය ලේල්වල සුමේධ ස්වාමීන් වහන්සේට ගාලු පළාතේ අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීම වෙනුවෙන් අක්තපත්‍ර ප්‍රදානෝත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. බුදු දහම පෝෂණය කිරීම ව්‍යවස්ථාවෙන්ම රජයට පැවරෙන වගකීමක් වුවද පසුගිය රජය එය පැහැර හැරි බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. මහා සංඝරත්නය, මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

බද්දේගම ප්‍රාදේශීය සභාවේ නව ගොඩනැගිල්ල සහ ආයුර්වේද මධ්‍යස්ථානය විවෘත කිරීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි හයකට අධික මුදලක් වැය කර තිබෙනවා. ප්‍රාදේශීය දේශපාලනඥයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

බද්දේගම අම්පේගම ක්ෂේත්‍රරාම පුරාණ විහාරස්ථානයේ ඉදිකළ දෙමහල් පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීම සිදු වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. පසුගිය කාලයේ පිරිහීමට ලක් වූ අධ්‍යාපනය හා ආර්ථිකය යලි ගොඩනැගීම මේ වන විට ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍යවරා මෙහිදී කියා සිටියා. විහාරාධිපති පූජ්‍ය වෙරගොඩ වජිරබුද්ධි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා.

The post ජනපතිටත් ආණ්ඩුවටත් වැඩ කළ හැකි පාර්ලිමේන්තුවක් පත්කර ගන්න appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG