Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් තුන්දෙනෙකුගෙන් ජංගම රෝග නිරීක්ෂණ ඇඳක්  

Add comments

මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් තුන්දෙනෙකු අංග සම්පූර්ණ ජංගම රෝග නිරීක්ෂණ පහසුකම් සහිත ඇදක් නිර්මාණයකර තිබෙනවා.

මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මෙකාට්රොනික් අංශයේ මනුක සූරියගේ, බුද්ධික ප්‍රභාත් සහ කවිදු ප්‍රභාත් යන සිසුන්ගේ මෙහෙයවීමෙනුයි මෙම ඇද නිර්මාණය කර ඇත්තේ. රෝගියාට ගැලපෙන ආකාරයේ හෝ ප්‍රතිකාරවලට ගැලපෙන ආකාරයේ ඕනෑම ඉරියව්වකට සැකසිය හැකි අයුරින් මෙම ඇද නිර්මාණයකර තිබෙනවා. මෙම පද්ධතිය රෝද පුටුවක්, ට්‍රොලියක් හා ඇදක් ලෙස භාවිත කිරීමට හැකිවීම විශේෂත්වයක්. ඊසීජී දත්ත, රුධිරයේ ඔක්සිජන් තත්ත්වය, රුධිර පීඩනය වැනි තීරණාත්මක දත්ත පසු ප්‍රයෝජනය සදහා අන්තර්ජාලයේ ගබඩා කිරීමට ද මෙහි පහසුකම් තිබෙනවා.

 

The post මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් තුන්දෙනෙකුගෙන් ජංගම රෝග නිරීක්ෂණ ඇඳක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG