Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අන්තවාදීන් ගැන පා.ම විජයදාස ජනාධිපති කොමිසමට කරුණු හෙලිකරයි  

Add comments

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජයදාස රාජපක්ෂ මහතා සාක්ෂි ලබාදුන්නා.

පියවර හතරක් යටතේ අන්තවාදය කි‍්‍රයාත්මක කිරීමට අන්තවාදීන් සැලසුම් කර තිබූ බවයි ඒ මහතා කොමිසම හමුවේ පෙන්වාදුන්නේ. එහි පළමු පියවර ලෙස හලාල් හදුන්වාදීමත්, දෙවන පියවර ලෙස කාන්තාවන්ට මුහුණු ආවරණය කිරීමට උපදෙස් ලබාදීම සිදුකර තිබෙනවා. තුන්වන පියවර ලෙස ශරියා නීතිය කි‍්‍රයාත්මක කිරීම සහ හතර වන පියවර ලෙස අරාබි භාෂාව හදුන්වාදීම එහිදී සිදුවූ බවයි විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ.

මේ සඳහා දේශපාලන මැදිහත්විම් සිදුවූ බව ද ඔහු ප‍්‍රකාශ කළා. ඇතැම් විදේශයන් මගින් මූල්‍යාධාර එම අන්තවාදී සංවිධාන සහ පුද්ගලයන්ට ලබාදී තිබෙනවා. පවුල් හතරක සාමාජිකයන් සිරියාවේදී පුහුණුව ලබා ඇති බව ද විජයදාස රාජපක්ෂ මහතා කොමිසම හමුවේ ප‍්‍රකාශ කළා.

 

The post අන්තවාදීන් ගැන පා.ම විජයදාස ජනාධිපති කොමිසමට කරුණු හෙලිකරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG