Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බිග්මැච් රථ පෙළපාලිවලදී නීතිගරුක වන ලෙස පොලිසිය සිසුන්ට දැනුම් දෙයි  

Add comments

බිග්මැච් හෙවත් අන්තර් පාසල්  මහා ක්‍රිකට් තරගවලට සමගාමීව පැවැත්වෙන රථවාහන පෙළපාලිවලදී නීතිගරුක වන ලෙස පොලිසිය සිසුන්ට දැනුම් දෙනවා.

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිවලදි කටයුතු කළ යුතු ආකාරය පිළිබද දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණා. රථවාහන පෙලපාලිවලදී විනීතව කටයුතු කළ යුතු අතර ජනතාව අපහසුතාවට පත්වන අයුරින් කටයුතු කරන්නේ නම් නීතිමය පියවර ගැනීමට සිදුවන බවයි පොලිසිය මෙහිදී සදහන් කළේ. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙනුයි මෙය සංවිධාන කර තිබුණේ.

 

The post බිග්මැච් රථ පෙළපාලිවලදී නීතිගරුක වන ලෙස පොලිසිය සිසුන්ට දැනුම් දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG