Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාවට එරෙහි මිෂෙල්ගේ ප්‍රකාශයට යුරෝපයේ ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් දැඩි විරෝධය  

Add comments

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාවට එරෙහිව අදහස් පළ කිරීමට විරෝධය පළකරමින් යුරෝපයේ ජීවත්වන දේශප්‍රේමී ප්‍රජාව මානව හිමිකම් ප්‍රධාන කාර්යාලය වෙත සංදේශයක් අද භාරදුන්නා. ජිනීවාහි පැවති මානව හිමිකම් පිළිබඳ 43 වන සැසිවාරයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2015 – 30/1 මානව හිමිකම් යෝජනාවලියේ සම අනුග්‍රාහකත්වයෙන් ඉල්ලා අස්වීම නිල දැනුම්දීමෙන් අනතුරුවයි මිෂෙල් බැචලේ විරෝධාත්මක අදහස් ප්‍රකාශ කිරීම සිදුකළේ.

ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක හමුදාවන් යුද අපරාධ සිදුකර නොමැති බවත් සුළු ජාතීන්ට කිසිඳු අසාධාරණයක් නොවන ආකාරයෙන් වත්මන් රජය කටයුතු කරන බවත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළා. මානව හිමිකම් කොමිසමේ කටයුතු වලට කිසිඳු ආකාරයක බාධාවක් නොවන අයුරින් ව්‍යවස්ථානුකූලව සකසා ගත් දේශීය යාන්ත්‍රණයක් තුළින් අදාළ ගැටලු සඳහා විසදුම් සෙවීමට ජනාධිපති , අගමැති ප්‍රමුඛ රජය කැපවී කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ සත්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීමට විශේෂ නියෝජිතයෙකු හෝ යොදවමින් ලෝකයට සත්‍ය තොරතුරු ලබාදීමට කටයුතු කරන ලෙස ඔවුන් වැඩිදුරටත් දන්වා සිටියා.

මේ අතර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අදහස් දැක්වීම පිළිබඳව සිය විරෝධය පළකරමින් එල්ටීටීඊ ඩයස්පෝරාව ද අද දිනයේ දී විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළ බව වාර්තා වුණා. එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් වන කැනඩාව , ජර්මනිය , උතුරු මැසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝ යන රටවල් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දන්වා සිටින්නේ 2015 වසරේ 30/1 යෝජනාව පිළිබඳ සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය සහ රජය දක්වන ප්‍රවේශය වෙනස් කිරීම ගැන කනස්සල්ලට පත්වන බවයි.

මේ අතර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජගත් සංවිධානයට අයත් ආයතන කිහිපයක ඉහළ පෙළේ නියෝජිතයින් හමුවුණා. ඒ බව ට්විටර් පණිවුඩවල සඳහන්. අමාත්‍යවරයා පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමු වී සාකච්ඡා කළා. එසේම ජිනීවා හි එක්සත් ජාතින්ගේ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටට්යානා වැලොවායා මහත්මියද හමු වී සාකච්ඡා පැවැත්වුවා. විදේශ අමාත්‍යවරයා අද දිනයේදි ශ්‍රී ලංකාව බලා එරටින් පිටත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

The post ශ්‍රී ලංකාවට එරෙහි මිෂෙල්ගේ ප්‍රකාශයට යුරෝපයේ ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් දැඩි විරෝධය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG