Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාසල් දරුවන්ගේ අධ්‍යාපන වාරතුන වාර දෙකක් කිරිමට තීරණය කෙරේ  

Add comments

පාසල් දරුවන්ගේ අධ්‍යාපන වාරතුන වාර දෙකක් බවට පත් කිරිමට තීරණය කර ඇති බව ක්‍රිඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

දරුවන්ගේ නිරෝගිබාවය සහ ක්‍රිඩාවේ අනාගතය වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටින්නේ.

නිමා වූ දකුණු ආසියා ක්‍රිඩා උළෙල සදහා ශ්‍රී ලංකාවේ පෙර සුදානම,  එහි ප්‍රමාණාත්මක බව හා සෙසු අංශ පිලිබද සමාලෝචනය කර වාර්තාවක් ලබදීම සදහා ක්‍රිඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හතරදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළා.

එහි සභාපති ලෙස ග්‍රෙගරි ගැමුණ ද සිල්වා මහතා කටයුතු කළ අතර අනෙකුත් සාමාජිකයන් වුයේ විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් එල්මෝ පෙරේරා, සමන් කුමාර ගුණවර්ධන, දමින්ද විජේසුරිය යන අයයි. එම වාර්තාව අමාත්‍යතුමා වෙත භාරදීම ක්‍රිඩා අමාත්‍යාංශයේදී සිදු කෙරුණා.

මෙහිදි ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය පිලිබදවද අමාත්‍යවරයා අදහස් පළ කළා.

 

 

The post පාසල් දරුවන්ගේ අධ්‍යාපන වාරතුන වාර දෙකක් කිරිමට තීරණය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG