Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රාජ්‍ය සේවය ජනතා සේවයක්  

Add comments

රාජ්‍ය සේවය ජනතා සේවයක් මිස රැකියා උත්පාදනය කරන තැනක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසනවා. පාර්ලිමේන්තුවේ අද පැවති සම්මාන ප්‍රදානෝත්සවයකදී ජනාධිපතිතුමා මේ බව කියාසිටියා.

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව 2018 වසරේ මූල්‍ය පාලන නීතිරීති හා රෙගුලාසිවලට අනුගතවීමේදී කාර්යසාධනය පිළිබඳ සතුටුදායක ප්‍රතිඵල පෙන්වූ ආයතන ඇගයීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. රාජ්‍ය , පළාත් සභා මෙන්ම පළාත් පාලන යන ක්ෂේත්‍රවලට අදාළ ආයතන 844 ක් මෙහිදී ඇගයීමට ලක්වුණා. මේ අතුරින් ආයතන 55 කට රන් සම්මාන හිමිවුණා. රිදී සම්මාන 23 ක් හා සම්මාන සහතික 31 ක් පිරිනමා තිබෙනවා.

 

The post රාජ්‍ය සේවය ජනතා සේවයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG