Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුගදනවි බලාගාරය පිළිබඳ පෙත්සම් සළකා බැලීමට දින නියමවෙයි  

Add comments

යුග දනවි බලාගාරය පිළිබඳ මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම සඳහා ලබන මස 16 සහ 17 දිනවල කැඳවන ලෙස ජ්‍යෙෂ්ඨාධිකරණය නියම කළා.

මෙම බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස් ඇමෙරිකා සමාගමකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය සහ ගෑස් සැපයීමේ ඒකාධිකාරය එම සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනුයි මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ. විරෝධතා ලබන මස 6වනදාට පෙර ප්‍රතිවිරෝධතා ලබන 13 වනදා දක්වාත් ගොනු කරන ලෙස දැනුම් දුන්නා. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි සහ අගරදගුරු හිමියන් ඇතුළු කිහිප දෙනෙකුයි මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ.

මේ අතර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුවේ සාක්ෂි සටහන් කර ගැනීම අද හයවන දිනටත් සිදු කෙරුණා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම ඇතුළු චෝදනා කිහිපයක් ඔහුට එල්ල වී තිබෙනවා.

අද දින සාක්ෂි ලබාදීම සඳහා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා. පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීම යටතේයි චන්දන වික්‍රමරත්න මහතාගේ සාක්ෂි සටහන් කර ගැනීම ආරම්භ කෙරුණේ.

The post යුගදනවි බලාගාරය පිළිබඳ පෙත්සම් සළකා බැලීමට දින නියමවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG