Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියමිත පරිදි සාර්ථකව පැවැත්වෙන බව චීනය කියයි  

Add comments

ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය ‍ඇතැම් රටවල් හා කලාප තුළ පැතිර යද්දී, චීනයට පිටතින් වෛරසය පැමිණෙතැයි යන පීඩනය ඉහළ යමින් පවතින නමුත් බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියමිත කාලයට සාර්ථකව පැවැත්වෙනු ඇති බව චීනය පවසයි.

ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදයෙන් බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට කිසියම් අභියෝගයක් එල්ලවන නමුත්, චීනයේ වසංගතයට මුහුණදීමේ අත්දැකීම් මත ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියමිත කාලයට සාර්ථකව පැවැත්වෙනු ඇතැයි පූර්ණ විශ්වාසයෙන් සිටින බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක චාඕ ලීජියන් මහතා මාධ්‍ය අමතමින් පැවසීය.

පසුගිය වසංගත රැල්ල ගෝලීය වශයෙන් උපරිම මට්ටමකට ළඟා වූ අතර දැනට ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය ද පැතිර යමින් පවතී. මේ හේතුවෙන් සෙසු රටවලින් එය පැමිණීම වැළැක්වීමේදී චීනය මුහුණදෙන පීඩනය වැඩි බව චීන ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශක මී ෆෙන්ග් මහතා පැවසීය.

වසංගතයෙන් ආර්ථිකය හා සමාජයට සිදුවන බලපෑම් අවම කිරීමට චීනය පියවර ගෙන ඇත. වැඩිහිටියන්, වයස අවුරුදු 3ත් 17ත් අතර වයස් කාණ්ඩයේ සිටින දරුවන් හා යෞවනයින්ගේ එන්නත්කරණය කඩිනම් කෙරෙන අතර, වැඩි අවදානම් සහිත පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීමේ කටයුතු ප්‍රවර්ධනය කරන බව ද ඔහු පවසයි.

The post බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියමිත පරිදි සාර්ථකව පැවැත්වෙන බව චීනය කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG