Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගන් සෙබළුන් රැසක් ඝාතනය කර ඇති බවට චෝදනා  

Add comments

ඇෆ්ගනිස්ථාන හමුදාවේ සේවයේ නිරතව සිටි සෙබළුන් රැසක් තලෙයිබාන් සංවිධානය ඝාතනය කර ඇති බව මානව හිමිකම් සංවිධාන චෝදනා කරනවා.

පසුගිය අගෝස්තු මාසයේ දී ඇෆ්ගනිස්ථානයේ පාලන බලය තලෙයිබාන් සංවිධානයට නතු වීමෙන් පසු එරට හමුදාවේ සේවයේ නිරතව සිටි සෙබළුන් අසල්වැසි රටවලට පලා ගියා. කෙසේ වුවද බහුතරයක් තවමත් විවිධ ප්‍රදේශවල සැඟව සිටින බවයි වාර්තා වන්නේ. ඔවුන් පිළිබඳ අනාවරණය වීමෙන් පසු තලෙයිබාන් සංවිධානය එම සෙබළුන් ඝාතනය කිරීමට පියවර ගෙන තිබෙනවා. තලෙයිබාන් සංවිධානයේ ප්‍රාදේශීය නායකයින්ගේ මෙවැනි අධම ක්‍රියා පාලනය කිරීමට සංවිධාන නායකත්වය මේ වනතෙක් කිසිඳු පියවරක් ගෙන නැහැ. එලෙස ඝාතනය කළ සෙබළුන් සියයකට අධික සංඛ්‍යාවකගේ තොරතුරු තමන් වෙත ලැබී ඇති බවයි මානව හිමිකම් සංවිධාන සඳහන් කරන්නේ.

 

 

The post තලෙයිබාන් සංවිධානය ඇෆ්ගන් සෙබළුන් රැසක් ඝාතනය කර ඇති බවට චෝදනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG