Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහි එන්නතක් ලබන වසරේ නිකුත් කිරීමට හැකි බව මොඩර්නා සමාගම කියයි  

Add comments

කොරෝනා වයිරසයේ නව ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහි එන්නතක් ලබන වසරේ මුල් භාගයේදී වෙළෙදපොලට නිකුත් කිරීමට හැකිවනු ඇති බවට මොඩර්නා සමාගම නිවේදනය කරනවා.

පසුගිය සතියේදී හදුනාගත් ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව එන්නතක් නිෂ්පාදනය කිරීම සදහා සායනික පරික්ෂණ මේ වනවිටත් ආරම්භ කර ඇතිබවයි මොඩර්නා සමාගම සදහන් කරන්නේ. එම කටයුතු සාර්ථක වුවහොත් 2022 වසරේ පළමු මාස කිහිපය ඇතුළතදී එය වෙළෙදපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද එම සමාගම පවසනවා.

කෙසේ වුවද දැනට භාවිතයේ පවතින එන්නත් ඔමික්‍රෝන් ප්‍ර භේදය මැඩ පැවැත්වීමට ප්‍රමාණවත් වන්නේද යන්න පිළිබදව ඉදිරි සති කිහිපය ඇතුළතදී තහවුරු කිරීමට හැකි බවයි වෛද්‍ය විශේෂඥයින් සදහන් කරන්නේ. මේ අතර ෆයිසර් සමාගම නිෂ්පාදනය කළ ෆැක්ස්ලොවිඩ් ඖෂධය  ඔමික්‍රෝන් ප්‍රභේදයට එරහිව සාර්ථක ප්‍රථිපල දක්වනු ඇති බවට එම සමාගම විශ්වාසය පළකරනවා.  එමෙන්ම ෆැක්ස්ලොවිඩ් ඖෂධය කොරෝනා මරණ හා ආසාදිතයින් රෝහල් ගතවීම සියයට අසූනවයකින් අඩුකර ඇති බව සායනික පරික්ෂණවලින් තහවුරු වී තිබෙනවා.

 

 

 

 

The post ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහි එන්නතක් ලබන වසරේ නිකුත් කිරීමට හැකි බව මොඩර්නා සමාගම කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG