Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රිතාන්‍යයෙන් හමුවී ඇති ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් සංඛ්‍යාව 11 දක්වා ඉහළට  

Add comments

බ්‍රිතාන්‍යයෙන් හමුවී ඇති ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග එන්නත්කරණය වේගවත් කිරීමට පියවර ගෙන ඇති බවයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.  එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සියලුම වැඩිහිටි පුද්ගලයින්ට බූස්ටර් එන්නත ලබාදීමටත් වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන්ට එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමටත් බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා.

මේ අතර ඔම්ක්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය මැඩ පැවැත්වීමට කටයුතු කිරීම මිස අනවශ්‍ය ලෙස කලබල නොවිය යුතු බවයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සඳහන් කරන්නේ. රට වසා දැමීම සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බවද ජනාධිපතිවරයා සඳහන්  කරනවා. එන්නත්කරණය අඛණ්ඩව සිදු කිරීම හා සියලුම පුද්ගලයින් මුඛ ආවරණ පැළදීම මගින් සියලු ප්‍රභේදයන්ට සාර්ථකව මුහුණ දිය හැකි බවයි ජෝ බයිඩ්න් සඳහන් කරන්නේ.

 

 

 

 

The post බ්‍රිතාන්‍යයෙන් හමුවී ඇති ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් සංඛ්‍යාව 11 දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG