Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රූපවාහිනී මහ ගෙදර පවුලේ සැම රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි  

Add comments

ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යකරණයේ අති දක්ෂයින් ඇගයීමට ලක්කෙරෙන රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උළෙලේ දී ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය සම්මාන රැසකට පාත්‍ර වුණා.

15 වන වරට සම්මාන උළෙල උත්කර්ශවත් ලෙස බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී මේ වනවිටත් පැවැත්වෙනවා. ඒ  රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

රූපවාහිනී මාධ්‍යකරණයේ ප්‍රගමනය උදෙසා පැවැත්වෙන රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල සංවිධාන කරන්නේ බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීම යටතේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවයි. තරග කාණ්ඩ රැසක් යටතේ ඇසිදිසි මාධ්‍යකරණයේ අති දක්ෂයන් මෙහිදී ඇගයීමට ලක් කෙරුණා.

මෙවර සම්මාන උළෙලේ ප්‍රශස්තම රූපවාහිනි සම්ප්‍රේෂක සම්මානය දිනා ගත්තේ ස්වාධීන රූපවාහිනි සේවයේ ප්‍රවීණ මාධ්‍ය වේදි ඉන්ද්‍රසිරි සුරවීර මහතායි. නොමියෙන සිහිනය වැඩසටහන වෙනුවෙන් එම සම්මානය පිරි නැමුණා.

ප්‍රශස්තම සංස්කෘතික ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන සදහා සම්මාන ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ නිෂ්පාදක දුෂාන්ත දර්ශන හිමි කර ගත්තා. ඒ කලාබර වැඩසටහන සදහායි.

ප්‍රශස්තම දෙබස් කැවූ වැඩසටහන වෙනුවෙන් ද ස්වාධීන රූපවාහිනිය සම්මානයට පාත්‍ර වුණා. මව්ග්ලි වැඩසටහනේ හඩකැවීම් වෙනුවෙන් ශීර්ෂ පාඨ අංශ ප්‍රධානි විධායක නිෂ්පාදක ප්‍රාන් වාකිෂ්ඨ මහතා  එම සම්මානය හිමි කර ගත්තා.

මේ අතර වසන්තම් රූපවාහිනි නාලිකාවද මෙවර රාජ්‍ය සම්මාන උළෙලේ දී සම්මාන රැසක් දිනා ගැනීමට හැකි වුණා.  ප්‍රශස්තම පූර්ව ප්‍රචාරක පටය දෙමළ අංශයේ සම්මානය ගෝල්ඩන් වොයිස් ඔෆ් නෝට් වෙනුවෙන් දිනා ගත්තේ තබේෂන් ටි වයිකුන්දන්. ප්‍රශස්තම සජීවිකරණ නිෂ්පාදනය දෙමළ අංශය වෙනුවෙන් පි ජයප්‍රසාද් සම්මාන හිමි කර ගත්තා. ප්‍රශස්තම කථිකාමය වැඩසටහන දෙමළ අංශයෙන් සම්මාන දිනා ගත්තේ එම් එස් එම් ඉර්ෆාන්. ප්‍රශස්ත බහු කැමරා නිෂ්පාදන අංශයෙන් කේ. ජෙයකාන්තන් සම්මාන දිනා ගත්තේ දීපාවලි ස්පෙෂල් වැඩසටහන වෙනුවෙන්.

The post රූපවාහිනී මහ ගෙදර පවුලේ සැම රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG