Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රට වෙනුවෙන් කළ මෙහෙවරට ITN මාධ්‍ය ජාලය ටොප් හන්ඩ්‍රඩ් 2021 සම්මානයෙන් පිදුම් ලබයි  

Add comments

ශ්‍රී ලංකා ටොප් හන්ඩ්‍රඩ් අවෝඩ්ස් හෙවත් සියක් සුවිශිෂ්ටයන් අභිනන්දන මෞලි මංගල්‍යය උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී යි. කොරෝනා ව්‍යසනය හමුවේ රට වෙනුවෙන් කළ මෙහෙවර හා විශිෂ්ට ගුණාත්මක මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් ස්වාධීන රූපවාහිනිය මෙහිදී සම්මානයට පාත්‍ර වුණා.

2021 වර්ෂයට අදාළව මෙහිදී සම්මාන පිරිනැමුණා. රට වෙනුවෙන් කරන ලද සේවය අගයමින් විශිෂ්ටයින් සිය දෙනෙකු සම්මානයට පාත්‍ර වුණා. අමාත්‍ය සරත් වීරසේකර, හිටපු කතානායක කරූ ජයසූරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි සම්මාන උළෙල පැවැත්වුණා. සම්මාන උළෙල සංවිධාන කළ අහස නිව්ස් පේපර්ස් මීඩියා ටීම් ප්‍රකාශ කළේ කොරෝනා සමයේ දී රට වෙනුවෙන් කළ සේවය අගයමින් ක්ෂේත්‍ර රැසක විශිෂ්ටයන් ඇගයීම සදහා මෙම සම්මාන උළෙල පැවැත්වූ බවයි.

පැරැලිම්පික් රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත සහ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු නිලධාරිනි පුෂ්පා රම්‍යා සොයිසා මෙනෙවිය ද මෙහිදී සම්මාන ලැබුවා. කොරෝනා ව්‍යසනය හමුවේ රට වෙනුවෙන් කළ මෙහෙවර හා විශිෂ්ට ගුණාත්මක මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් ටොප් හන්ඩ්‍රඩ් 2021 සම්මානය පිරි නැමුණේ ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයටයි.

සභාපති සුදත් රෝහණ මහතා වෙනුවෙන් මෙම සම්මානය භාර ගත්තේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහතායි. රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි,පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාණගේ,හෂීම් ඕමාර් යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

The post රට වෙනුවෙන් කළ මෙහෙවරට ITN මාධ්‍ය ජාලය ටොප් හන්ඩ්‍රඩ් 2021 සම්මානයෙන් පිදුම් ලබයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG