Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙට මධ්‍යම රාත්‍රියේ සිට විදේශිකයින්ට ජපානයේ දොර වැසේ  

Add comments

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් හෙට මධ්‍යම රාත්‍රියේ සිට කිසිඳු විදේශිකයෙකුට තම රටට ඇතුලු වීමට අවසර හිමි නොවන බව ජපාන අග්‍රාමාත්‍යවරයා නිවේදනය කරනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් ලොව පුරා රටවල් කිහිපයකින් මේ වනවිටත් හමුවී ඇති අතර එම ප්‍රභේදය ජපානය තුළ ව්‍යාප්ත වීම වැලැක්වීමටයි මෙම පියවර ගෙන ඇත්තේ. විදෙස් රටවලින් පැමිණෙන ජපාන වැසියන් ද දින 14 ක කාලයක් නිරෝධායනය කිරීමට තීරණය කර තිබෙනවා.  දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අවම වීමත් සමඟ පනවා ඇති නිරෝධායන නීති ලිහිල් කිරීමට ජපාන රජය පසුගියදා පියවර ගත්තා. එහෙත් නව ප්‍රභේදය හදුනා ගැනීමත් සමඟ පනවා ඇති නීති දැඩි කිරීමට සිදුව තිබෙනවා.

 

The post හෙට මධ්‍යම රාත්‍රියේ සිට විදේශිකයින්ට ජපානයේ දොර වැසේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG