Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් 27 කට ඇමරිකාවෙන් පිටවන්නැයි නියෝග  

Add comments

ඇමරිකාවේ රුසියා තානාපති කාර්යාලයේ සේවයේ නියුතු රාජ්‍ය තාන්ත්‍රිකයන් 27 දෙනෙකුට ඇමරිකාවෙන් පිටවන ලෙස නියෝග කර ති‍බෙනවා.

ලබන වසරේ ජනවාරි 30 වන දිනට පෙර ඔවුන්ට ඇමරිකාවෙන් පිටවන ලෙස නියෝග ලැබී ඇති බවයි ඇමරිකාවේ රුසියා තානාපතිවරයා සදහන් කරන්නේ. රාජ්‍ය තාන්ත්‍රිකයන් 27 දෙනා සමග ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ටද ඇමරිකාවෙන් පිටවීමට සිදුව තිබෙනවා. ඒ සමගම කාර්ය මණ්ඩල හිගයකට තමා මුහුණ දී සිටින බවයි තානාපතිවරයා සදහන් කරන්නේ.

2016 වසරේ සිට මේ දක්වා ඇමරිකාවෙන් පිටුවහල් කර ඇති රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් සංඛ්‍යාව සියයකට අධිකයි. එමෙන්ම 2017 වසරේ සිට මේ දක්වා රුසියාවේ ඇමරිකා තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ඇමරිකා රාජ්‍ය තාන්ත්‍රිකයින් දහසකට වැඩි සංඛ්‍යාවක් පිටුවහල් කිරීමටයි රුසියාව පියවර ගෙන ඇත්තේ. වසර ගණනක් මුළුල්ලේ දෙරට අතර පවත්නා මත භේදාත්මක ගැටුම් මෙයට හේතු වී තිබෙනවා.

 

The post රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් 27 කට ඇමරිකාවෙන් පිටවන්නැයි නියෝග appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG