Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔමික්‍රෝන් ප්‍රභේදය ගැන අලුත්ම හෙළිදරවුව  

Add comments

කොරෝනා වයිරසයේ නව ඔමික්‍රෝන් ප්‍රභේදය දරුණු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බවට දකුණු අප්‍රිකාවේ වෛද්‍යවරියක සඳහන් කරනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදය ප්‍රථම වරට හඳුනාගත් ඇන්ජලික් කුට්සි නම් වෛද්‍යවරියයි මේ බව සඳහන් කර ඇත්තේ. ඔමික්‍රෝන් ප්‍ර භේදයේ ආසාදිතයින්ගෙන්  අධික හිසරදය , ඇගපත වේදනාව මෙන්ම අධික මහන්සියද දක්නට ලැබෙන බවයි ඇය තවදුරටත් පවසන්නේ. නොවැම්බර් මස මුල් භාගයේ දී ඇය හමුවට පැමිණි රෝගීන්ගෙන් බහුතරයකට මෙම රෝග ලක්ෂණ තිබී ඇති අතර ඉන් අනතුරුව ඇය ඒ සම්බන්ධයෙන් බෝවන රෝග සම්බන්ධ විද්‍යාතනය දැනුවත් කර තිබෙනවා. ඉන් පසුවයි නව ප්‍රභේදය හදුනා ගැණුනේ. ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ ගද සුවඳ නැතිවීම පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති අතර එම රෝගීන්ගේ ඔක්සිජන් ප්‍රතිශතය ද සාමාන්‍ය මට්ටමේ පවතින බව ඇය සඳහන් කරනවා. කෙසේ වුවද කොරෝනා වයිරසය එක් වරක් වැළදුනු පුද්ගලයෙකුට ඔමික්‍රෝ ප්‍රභේදය පහසුවෙන් වැළදීමේ අවදානමක් පවත්නා බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ.

 

 

The post ඔමික්‍රෝන් ප්‍රභේදය ගැන අලුත්ම හෙළිදරවුව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG