Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව විභාග කොමසාරිස් රාජකාරි අරඹයි  

Add comments

නව විභාග කොමසාරිස් ජෙනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා අද දින සිය රාජකාරි කටයුතු ආරම්භ කළා.

සනත් පූජිත මහතා විභාග කොමසාරිස් ජෙනරාල් ධූරයෙන් විශ්‍රාම යාම හේතුවෙනුයි එල් එම් ඩී ධර්මසේන මහතා එම ධූරයට පත් කෙරුණේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම් පාසල් කටයුතු වශයෙන් සේවය කරමින් සිටි එල් එම් ඩී ධර්මසේන මහතා පාසල් කිහිපයක විදුහල්පතිවරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා. 1988 වසරේදී අධ්‍යාපන පරිපාලන සේවයට එක් වූ ඒ මහතා මීට පෙර සහකාර විභාග කොමසාරිස්වරයා වශයෙන්ද සේවය කළා. නව විභාග කොමසාරිස් ජෙනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා විභාග දෙපාර්තමේන්තුවේදී අද සිය රාජකාරි කටයුතු ආරම්භ කළේ එහි විසිවන කොමසාරිස් ජෙනරාල්වරයා ලෙසයි. රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

The post නව විභාග කොමසාරිස් රාජකාරි අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG