Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදේශ ඇමති සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාර්යභාර නිලධාරී අතර හමුවක්  

Add comments

ශ්‍රී ලංකා රජය සමඟ ද්විපාර්ශ්වික වෙළෙඳ සහ ආර්ථික සබඳතා වර්ධනය කර ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කැමැත්ත පළ කළා. ඒ එරට කාර්යභාර නිලධාරී ඊබ්‍රහිම් අලි ඊබ්‍රහිම් අල් ගර්ගාවි මහතා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා හමු වූ අවස්ථාවේදීයි.

කලාපීය සහ බහුපාර්ශ්වික සංසදවලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය අමාත්‍ය ජී එල් පීරිස් මහතා මෙහිදී අගය කළා. ශ්‍රී ලංකාවට උප සභාපතිත්වය හිමි වූ ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ සාමාජික රටවල් අතර පවත්නා සහයෝගීතාවයේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණා. ලබන මාසයේ අබුඩාබි හි දී පැවැත්වීමට නියමිත පස්වෙනි ඉන්දීයානු සාගර සමුළුව අතරතුර මෙම කරුණු පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරිමට මෙහිදී එකඟතාව පළ වුණා.

 

 

 

The post විදේශ ඇමති සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාර්යභාර නිලධාරී අතර හමුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG