Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයහපත් කාලගුණය හේතුවෙන් අවලංගු කර තිබූ දුම්රිය ගමන් වාර කිහිපයක් අද සිට යළි ක්‍රියාත්මකයි  

Add comments

අයහපත් කාලගුණය හේතුවෙන් තාවකාලිකව අවලංගු කර තිබූ දුම්රිය ගමන් වාර කිහිපයක් අද සිට ක්‍රියාත්මක බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. ඒ අනුව උඩරට දුම්රිය මාර්ගයේ පොඩි මැණිකේ දුම්රිය පමණක් බදුල්ල කොළඹ අතර ධාවනය කෙරෙනවා.

සෙසු දුම්රිය ගමන්වාර පවතින කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මගී ප්‍රවාහන කටයුතු සඳහා යෙදවෙන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන්නේ.

මේ අතර පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය ද ඊයේ සිට පුත්තලම දක්වා ධාවනය ආරම්භ කෙරුණා. මුන්දලම සහ පාලවිය අතර දුම්රිය මාර්ගයේ ඇති වූ නාය යාමක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය කෙරුණේ බංගදෙණිය දක්වා පමණයි.

ගාල්ල තැපැල් දුම්රිය හැර සෙසු සියලු තැපැල් දුම්රිය තවදුරටත් ධාවනය නොකරන බව පාලක මැදිරිය සඳහන් කරනවා.

 

 

The post අයහපත් කාලගුණය හේතුවෙන් අවලංගු කර තිබූ දුම්රිය ගමන් වාර කිහිපයක් අද සිට යළි ක්‍රියාත්මකයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG