Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන ජනපති චීන-අප්‍රිකානු සහයෝගීතා සාකච්ඡා මණ්ඩපයේ 8 වැනි අමාත්‍යවරුන්ගේ සමුළුවේ සමාරම්භක උළෙල අමතයි  

Add comments

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන-අප්‍රිකානු සහයෝගිතා සාකච්ඡා මණ්ඩපයේ අට වැනි අමාත්‍යවරුන්ගේ සමුළුවේ සමාරම්භක උළෙලට බෙයිජිංහි සිට එක්වෙමින් ප්‍රධාන දේශනයක් පවත්වයි.

එම සමාරම්භක උළෙල ඊයේ වීඩියෝ ආකාරයෙන් පැවැත්විණ.

චීනය හා අප්‍රිකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි 65 වැනි සංවත්සරය මේ වසරට යෙදී ඇත. ගත වූ වසර 65ක් තුළ ආධිපතිවාදය හා යටත්විජිතවාදයට එරෙහි අරගල හමුවේ චීනය හා අප්‍රිකාව අතර ස්ථිර සහෝදරත්වයක් ගොඩනැගී තිබේ. දෙපාර්ශ්වය පොදු සංවර්ධනය සඳහා විශේෂ සහයෝගිතා ක්‍රම නිර්මාණය කර ඇති අතර එමගින් නවාකාර ජගත් සබඳතා පිළිබඳ ආදර්ශයක් ගොඩනැගීමට ද හැකි වූ බව ෂී ජින්පිං මහතා පවසයි.

චීනය හා අප්‍රිකාව අතර සුහද සහයෝගිතාව, දුෂ්කරතාවන්ට පොදුවේ මුහුණ දීම හා ප්‍රතිලාභ පොදුවේ බෙදා ගැනීම පිළිබඳ පිළිබිඹුවක් වන අතර එය ද්විපාර්ශ්වික සම්බන්ධතා අනාගතය කරා ශක්තිමත්ව රැගෙන යාමේ බලයක් ද වී තිබේ.

චීනය අප්‍රිකාවට තවත් එන්නත් මාත්‍රා බිලියන 1 ක් ලබා දෙන අතර, එයින් මාත්‍රා මිලියන 600 ක් ආධාර ලෙස පිරිනමන බව ජනාධිපතිවරයා පවසයි. සෙසු  මාත්‍රා මිලියන 400ක් චීන සමාගම් සහ අප්‍රිකානු රටවල් ඒකාබද්ධ නිෂ්පාදනයක් මගින් ලබාදෙනු ඇත. චීනය, අප්‍රිකානු රටවල් සඳහා වෛද්‍ය සහ සෞඛ්‍ය ව්‍යාපෘති 10 ක් ආධාර ලෙස ක්‍රියාත්මක කරන අතර වෛද්‍යවරුන් 1,500 දෙනෙකු අප්‍රිකාවට යැවීමට පියවර ගන්නා බව ද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය.

දෙපාර්ශ්වයේ පොදු ප්‍රයත්නයෙන්, මෙවර චීන-අප්‍රිකානු සහයෝගිතා සාකච්ඡා මණ්ඩපය සාර්ථක වන අතර එයින් කෝටි 270ක ජනතා බලය එක්රැස් කර, ඉහළ මට්ටමේ පොදු ඉරණමක් සහිත චීන අප්‍රිකානු ප්‍රජාව ඉදිරියට මෙහෙයවනු ඇතැයි විශ්වාස කරන බව ෂී ජින්පිං මහතා පැවසීය.

The post චීන ජනපති චීන-අප්‍රිකානු සහයෝගීතා සාකච්ඡා මණ්ඩපයේ 8 වැනි අමාත්‍යවරුන්ගේ සමුළුවේ සමාරම්භක උළෙල අමතයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG